ධාරානිපාත මෝසම් වැසි හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරුණු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර, 160 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇති බව ඉන්දිය මාධ්‍ය වර්තා කරනු ලැබුවා.
බිහාර්, උත්තර් ප්‍රදේශ් සහ ඇසෑම් ඇතුළු ප්‍රාන්ත වඩාත් බලපෑමට ලක් වූ ඒවා අතර වන අතර, ගංගා සහ බ්‍රහ්මපුත්‍ර වැනි ගංගා උතුරා යමින් තිබෙනවා. ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් දියත් කර ඇති අතර, ජාතික ආපදා ප්‍රතිචාර බලකාය සහ ප්‍රාදේශීය ආපදා කණ්ඩායම් යොදවා අවතැන්වු පදිංචිකරුවන් ඉවත් කරමින් සිටිනවා. . මහාමාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර , දුම්රිය සේවා අඩාල වී, දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය ඇනහිටීම් ද වාර්තාවෙනවා.
ඇසෑම් හි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් 200,000 කට අධික පිරිසක් තාවකාලික සහන කඳවුරුවලට යොමු කර ඇති අතර, බිහාර් හි අධික වර්ෂාපතනය හේතුවෙන් බැමි කැඩී ගොස්, ගොවිබිම් සහ ජනාවස ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බවයි වාර්තාවන්නෙ.
බලපෑමට ලක් වූ ප්‍රදේශවල ඉදිරි පැය 48 තුළ තවදුරටත් අධික වර්ෂාපතනයක්ඇතිවිය හැකිබව ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කඳුකර ප්‍රදේශවල නායයෑම් සිදුවිය හැකි බවට අනතුරු අඟවවනවා.
ප්‍රාන්ත ආණ්ඩු පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ උස් බිම්වලට යන ලෙසත්, ගංවතුරෙන් යට වූ මාර්ග හරහා යාමෙන් වළකින ලෙසත්ය.