ශ්‍රී ලංකාවේ පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමේ අරමුණින් පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) අතර සාකච්ඡා කිහිපයක් පසුගිය දිනවල පැවැත්වුණා.
මෙම සාකච්ඡාවලදී අවධාරණය කර ඇත්තේ ව්‍යවසායක ක්ෂේත්‍රයේ අනාගත නායකයින් ලෙස තරුණ පරපුර සවිබල ගැන්වීමත්, විශේෂයෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍ර ආශ්‍රිත ප්‍රාරම්භ-ව්‍යාපාර (startups) සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) තිරසාර සහ ස්ථායී ව්‍යාපාර බවට පරිවර්තනය කිරීමට දිරිගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳවයි.
අඛණ්ඩව සිදු කෙරෙන මෙම සාකච්ඡාවලින් අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහායද ලබා ගනිමින්, විද්‍යා සහ තාක්ෂණ නව ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, ශ්‍රී ලංකාව විද්‍යාපාදක ව්‍යවසායකත්වය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම අරමුණයි.
නවෝත්පාදන, තරුණ නායකත්වය සහ ජාත්‍යන්තර සහයෝගීතාව මත පදනම් වූ ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) අපේක්ෂා කරයි.
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) නියෝජනය කරමින් එහි ප්‍රධාන නියෝජිත කුරොනුමා කෙන්ජි (Kuronuma Kenji), ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩෙ යුරි (Ide Yuri) යන ඇතුළු පිරිසක්ද, ආසියානු සංවර්ධන බැංකුව නියෝජනය කරමින් (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) ද, සිංගප්පූරුවේ නන්-යැන්ග් තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි (Nanyang Technological University) මහාචාර්ය ලර්වෙන් ලු (Professor Lerwen Liu) සහ IITM ප්‍රවර්තක් තාක්ෂණ පදනමෙහි (IITM Pravartak Technologies Foundation) නව ප්‍රවේශයන්හි (New Initiatives) ප්‍රධානියා වන රාජේන්ද්‍ර මෝතා (Rajendra Mootha) යන විද්වතුන්ද මෙම සාකච්ඡාවලට එක් ව තිබෙනවා.