මාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ දේහය කොළඹ සිට ඊයේ රාත්‍රියේ මහනුවර පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. දේහය මහජන ගෞරවය සඳහා අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ තැන්පත් කොට ඇති අතර මිය යන විට ඔහු 58 වන වියේ පසු වුණා.


රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වීම සදහා මහනුවර ජනතාව මේ වන විටත් පැමිණෙමින් සිටින අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ,ව්‍යාපාරිකයින් සහ සමාජ ක්‍රියාකාරින් ද ඒ අතර වනවා.


දේහය පිළිබද අවසන් කටයුතු හෙට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


2009 වසරේදී මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ලොහාන් රත්වත්තේ, 2010 වසරේදී පර්ලිමේන්තුවට තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙසින්.


2012 වසරේ ඔහු පාතදුම්බර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙස පත්වු ඔහු මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරුවා. 2015 සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණවලින් ඔහු යළි පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.


ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධූර දැරු අතර 2024වසරේ ජනවාරි 29 වන දා ඔහු වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වුවා.


දේහය පිළිබද අවසන් කටයුතු හෙට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *