කොරියානු නව පාලනය යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතාවන් හඳුනාගෙන සමීපව කටයුතු කිරීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිනිය වන මියොන් ලී මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.
ඇය ඒ බව පැවසුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමග ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවකදී.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා මත කොරියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමට සූදානම් බවයි කොරියානු තානාපතිනිය මෙහිදී අවධාරණය කර ඇත්තේ.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ නව නියෝජිතයින්ද මෙහිදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමුවූ අතර ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන KOICA ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, KOICA ශ්‍රී ලංකා හි අධ්‍යක්ෂ යූලි ලී ඇතුළු මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.