කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් වශයෙන් ප්‍රකාශයට

උරුමයන් හා වටිනාකම් සියලූම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන අයුරින් රැකගැනීම රජයක් ලෙස අප වෙත පැවරෙන භාරදූර වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරනි අමරසූරිය පවසනවා.
කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර, ඒ සඳහා වන සන්නස් පත්‍රය විහාරාධිපති අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේ වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවය සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවා.

මෙම අවස්තාව සදහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අති පුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාහිමිපාණන් වහන්සේ, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක මැතිතුමා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *