කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක් ඊයේ අරලියගහ මැදුරේදී පැවැත්වුණා.මෙය පැවැත්වුණේ රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන්.
මෙම වැඩමුළුව පැවැත්වුණේ “AI for Transforming Public Service ” යන තේමාවෙන්. නිලධාරීන් දැනුවත් කිරීම හා සූදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම මෙහි අරමුණු වුණා. ආරම්භක දේශනය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජේශ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සිදු කළා. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වුණා.
කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳ විශේෂ වැඩමුළුවක්
