ශ්‍රී ලංකාවේ තේ සංස්ක්ෘතික භූ දර්ශනය ලෝක උරුම ලැයිස්තුවට.

ශ්‍රී ලංකාවේ තේ සංස්කෘතික භූ දර්ශනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
පළමු පියවර වශයෙන් එය තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඇතුළත් කර ගැනීම සිදු කළ යුතු බවයි අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි ප්‍රකාශ කළේ.

එලෙස යුනෙස්කෝ තාවකාලික නාමකරණ ලැයිස්තුවට ඇතුළත් කරගැනීම සඳහා සකස් කළ යෝජනාවලිය යුනෙස්කෝ ආයතනයට භාරදීමට නියමිත අතර එම යෝජනාවලිය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වෙත භාර දීම ඊයේ පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුනා.
තේ සංස්කෘතික භූ දර්ශනය පිළිබඳ පළමු අන්තර්ජාතික සමුළුව එළැඹෙන නොවැම්බර් මස 15 දින සිට 17 දින දක්වා නුවරඑළියේ දී පැවැත්වීමට නියමිතයි

Comments (0)

Your email address will not be published. Required fields are marked *