ඉරානය විසින් සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව පවසමින් ඉරානයට පහර දීමට නියෝගයක් කළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසනවා.
සටන් විරාමය උල්ලංඝනය කරමින් ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ටෙහෙරානයට පහර දෙන ලෙසයි හමුදාවට නියෝග කර ඇත්තේ.
නමුත් ඉරානය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
ගතවූ පැය කිහිපය තුළ ඊශ්‍රායලය දෙසට මිසයිල දියත් කිරීමක් සිදු නොවූ බව ඉරාන සන්නද්ධ හමුදා ජෙනරාල් කාර්ය මණ්ඩලය පවසනවා.
දින 12ක යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය අතර සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කලා.
නමුත් පැය කිහිපයකට පසු ඉරානය ඉරානය විසින් මිසයිල රැළි හයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසා සිටියා. එම ප්‍රහාරවලින් බියර්ෂෙබාහි පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බවයි ඊශ්‍රායලය සදහන් කලේ.