ලීග් අවුරුදු 17 න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය අද ගාල්ලේදී ආරම්භ වනවා.
ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට සමාජිකයන් සොයා ගැනීමේ අරමුණිනුයි මෙම තරගාවලිය පැවත්වෙන්නෙ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තරඟාවලිය කණ්ඩායම් 5 කින් සමන්විත වේ. ඒ කොළඹ උතුර, කොළඹ දකුණ, දඹුල්ල, මහනුවර සහ ගාල්ල ලෙසයි.
ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරග අගෝස්තු 27 වැනිදා අවසන් වෙයි.එහිදී සෑම කණ්ඩායමක්ම තරග 4 ක් බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
අවසන් මහ තරගය අගෝස්තු මස 29 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙ.