ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදකයින්ට ඕනෑම රටකින් ආනයනය කරන අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන ඇඟලුම් සඳහා තීරුබදු රහිතව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව සලසමින්, එරට වෙළෙඳ නීති සංශෝධනය කර තිබේ.
මෙම නව නීති ලිහිල් කිරීම තුළින් ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්තයට පෙර නොවූ විරූ ලෙස එක්සත් රාජධානි වෙළෙඳපොළට ප්‍රවේශ වීමට අවස්ථාව උදාවන බව බ්‍රිතාන්‍ය රජය නිවේදනය කරයි. මීට පෙර මෙම තීරුබදු සහනය හිමිවූයේ ශ්‍රී ලංකාවේම අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කළ ඇඟලුම් සඳහා පමණි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ සිදුකරන මෙම වෙනස 2026 වසරේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මෙමගින්, ර
ෙදි නිෂ්පාදනය සහ ඇඟලුම් නිෂ්පාදනය යන අදියර දෙකම ශ්‍රී ලංකාව තුළ සිදුවිය යුතු බවට පැවති නීතිය ද ඉවත් කෙරෙනු ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා පවසන්නේ මෙම වෙනස ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරන අතරම, එක්සත් රාජධානියේ පාරිභෝගිකයින්ට ඇඟලුම් මිල අඩු කිරීමටද උපකාරී වනු ඇති බවයි.