සේවක පුරප්පාඩු ඇතුළු ඉල්ලීම් 19 ක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.
මේ අතර අද දිනයේදී තම ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාර දීමට කටයුතු කරන බවයි තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළා.
තැපැල් දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමක මෙම තැපැල් වර්ජනය ක්‍රියාත්මක අතර අද දිනයේත් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා ප්‍රදේශ රැසක තැපැල් කාර්යාල වසා දමා ඇති අයුරු දක්නට ලැබුණා.