සංස්කෘතික කටයුතු දෙපාර්තමෙින්තුව වාර්ෂිකව සංවිධානය කරන “නිල් අහසේ වසන්තය සරුංගල් සැණකෙළියට ” සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකමි කාර්යාලය , තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,පොළාන්නරුව මහ නගර සභාව සහ ප්‍රාදේශීය සභාව එක්ව සංවිධානය කළ ” පුලතිසි සරුංගල් සැණකෙළිය ඊයේ පස්වරුවේ පරාක්‍රම සමුදුරු වැවි බැම්මේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අඅවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් රත්නසිරි , පද්මසිරි බණ්ඩාර , පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක , තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටි අතර ජයග්‍රහක යන් සදහා මුදල් ත්‍යාග පිරිනැමිණි.