රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කරමින් නම් ඔහුට 26 වන දා ඇප ලැබීමේ හැකියාවක් තිබිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසයි.
මෙම පනත යටතේම චෝදනා ගොනු කරමින් තම පක්ෂයේ වසන්ත මුදලිගේ මහතා අත්අඩංගුවට ගෙන මාස තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බවද ඔහු පැවසීය.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාටද ඒ හා සමාන කාලයක් ඇප හිමි නොවණු ඇති බව විශ්වාස කරන්නේ ඇයිද හෙතෙම සඳහන් කළේය.