මෑත කාලීනව ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්තිය, සංචිත වැඩි දියුණු කිරීම සහ විචක්ෂණශීලී මූල්‍ය කළමනාකරණය නිසා ගොලීය වශයෙන් ඇතිවන බලපෑම් වලට මුහුණ දීමට හැකිවී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එක්සත් ජනපදය විසින් නව ආනයන තීරුබදු තන්ත්‍රයක් ප්‍රකාශයට පත් කිරීම එවැනි බාහිර කම්පන වලින් එකකි. මෙහිදී “ඒ හා සමානව, දිගු කාලීන ඉලක්ක සපුරා ගන්නා අතරතුර ඕනෑම කෙටි කාලීන කම්පනයකට මුහුණ දීම සඳහා පෞද්ගලික අංශය තමන්ගේම ආරක්ෂණ නිර්මාණය කළ යුතුය,ඒ සදහා දිගු කාලීනව පෞද්ගලික අංශය වෙළඳපොළ සහ නිෂ්පාදන විවිධාංගීකරණය කළ යුතු බවත්, විවිධ වටිනාකම් දාමයන් වෙත ගමන් කළ යුතු බවත්, එමඟින් ව්‍යාපාර සඳහා අවදානම් අවම කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.අනාගත බාහිර කම්පන පුරෝකථනය කිරීම දුෂ්කර වුවත් , රටට සහ පෞද්ගලික අංශයට ඕනෑම සිදුවීමකට මුහුණ දීමට පමණක් සූදානම් විය හැකි බවත් මහබැංකු අධිපත්වරයා සදහන් කරයි. AmCham Sri Lanka සංවිධානය කළ සංවාදයකට එක්වෙමින් ඔහු මේ අදහස් පකාශ කරන ලදී
බාහිරින් පැමිණෙන අභියෝගවලට මුහුණ දීමට දැන් හැකියාව තියෙනවා – මහබැංකු අධිපති.
