ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 24 සහ 25 යන වර්ශවල ප්‍රතිඵල නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk සහ www. results.exams.gov.lk යන වෙබි වෙත පිවිස ලබා ගත හැකියි.
ප්‍රතිඵල නිකුත් කළ අවස්තාවේ සිට පැය 24කට පසුව ප්‍රතිඵල ලබා ගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
සියලුම පාසල් සහ පවුද්ගලික අයදුම්කරුවන් හට සිය විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුලත් කිරීමෙන් ප්‍රතිපල ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.