⁠රේජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තුමේන්තුවට ප්‍රථම වරට ජනරාල්වරියක්

රේජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවී ජලදීපන් ඊයේ නව ධුරයේ වැඩ ආරම්භ කරා.
ඒ වසර 160කට වැඩි ඉතිහාසයක් ඇති රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පළමු කාන්තා රෙජිස්ටාර් ජෙනරාල්වරිය ලෙස ඉතිහාසයට එක්වෙමින්.

රේජිස්ට්‍රාර් ජනරාල් ධුරයට පත්වන විට ඇය රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරමින් සිටියා.
2003 වසරේ රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ඇය 2006 වසරේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරිය ලෙසත් 2015දී දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ලෙසත් සේවය කර තිබෙනවා.
2018 වසරේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරයේත්, 2019 වසරේ ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුරයේත් , 2020 වසරේ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙසත් සේවය කළා.
2021 වසරේදී ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලෙස ද සේවය කර ඇති ඇය කැබිනට් මණ්ඩලය අනුමත කිරීමට පෙර රාජ්‍ය පරිපාලන, පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස සේවය කළා.
සසිදේවී ජලදීපන් සිය ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීහු විශාල පිරිසක් එක් වි සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *