කායික සහ මානසික නිරෝගී සිසු පරපුරක් බිහිකර ගැනීමෙ වැඩපිළිවෙළක් පාසැල් තුළ ආරම්භ කෙරෙ.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඒ සඳහා මඟපෙන්වයි. නිරෝගී ශක්තිමත් වැඩිහිටි පරපුරක් ඇතිකර ගැනීමයි මෙහි අරමුණ වේ. . මෙහි නියමු ව්‍යාපෘතියක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය මැනීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරිම කොළඹ ආනන්ද විද්‍යාලයේ දි සිඩුකෙරින.
එහි දි තම උස බර ආදිය මැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබෙ. ඉන් ළමුන්ට තමන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනිමට හැකිවන් ඇතර ලබාගත් දත්ත උපයොගිකරගනිමින් අවශ්‍ය සෞඛ්‍ය පුරුදු වලට ළමුන් යොමු කෙරෙනු ඇති. සුදුසු ආහාර, සුදුසු ව්‍යායාම, නිවැරදි සෞඛ්‍ය පුරුදු ආදියට ළමුන් යොමු කිරීම මෙහිදී සිදුකෙරෙ.
ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණ විය.