මකුළුගස්වැව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
එහිදී අනාවරණය වී ඇත්තේ, පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් මාර්ගය හරස් කර නවතා පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කලක පටන් මරණකරු සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.