විශේෂ සෝදිසි මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් විසිහයදහස් තුන්සිය පහලොස් දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා.

ඊයේ දිනයේ දී දිවයින පුරා සිදුකළ පුද්ගල පරීක්ෂා කිරීම්වලදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සංඛ්‍යාව 16ක්.

පුද්ගලයින් 618 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනයේ අත්අඩංගුවට ගත් වරෙන්තු කරුවන් සංඛ්‍යාව 214ක්.

විවෘත වරෙන්තු කරුවන් 203 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බීමත් රියදුරන් 46 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 15 දෙනෙකු ද අත්අඩංගුවට ගත් අය අතර වන බව පොලිසිය පවසනවා.

ඊයේ දිනයේ දී රථ වාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 3659 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *