කඩාකප්පල්කාරී පිරිසක් විසින් සෙවනගල උක් වගා භූමිය ගිනි තැබීමේ සිද්ධියක් වාර්ථාවී තිබෙනවා.
පසුගිය 25 වෙනිදා මෙම ගිණි තැබීම සිදුකර ඇති අතර ඒ පිළිබද පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ෙවනගල කර්මාන්ත ශාලාවට උක් සපයන ගොවීන්ගේ වගා භූමි මෙලෙස් ගිනි තබා ඇති අතර මෙම ගින්නෙන් උක් මෙට්‍රික් ටොන් 14000ක පමණ වගා භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි සදහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ලංකා සීනි සමාගමේ නිළධාරීන් සෙවනගල පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් අදාල පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
මොනරාගල දිස්‍ත්‍රික් සම්බධීකරණ කමිටු සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන ඊයේ දින සෙවනගල කර්මාන්තශාලාවට පැමිණ කර්මාන්තශාලාවේ නිළධාරින් සහ ගොවි ජනතාව සමඟ මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය ලෙස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාකර තිබෙනවා.