අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි තේරී පත්වී තිබෙනවා.
ඒ සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී පැවැත්වුණා.
මේ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි බවයි සඳහන් වන්නේ.
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ වැඩ කටයුතු කළ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි අපවත් වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණා.