ඉරාන න්‍යෂ්ටික සහ හමුදා පහසුකම්වලට එල්ල කල අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් පසුව, ලෝකයේ තෙල් සැපයුමෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් හසුරුවන පටු ජල මාර්ගයේ සම්පූර්ණ යෙන්ම වසාදමන බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාව අනතුරු අඟවා තිබේ.
ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමට තර්ජනය කිරීමත් සමඟ මැද පෙරදිග ආතතීන් තවදුරටත් උත්සන්න වෙමින් පවතී – එය ලෝකයේ වඩාත්ම උපායමාර්ගික තෙල් මාර්ගයයි.
මෙවනවිටත් තෙල් මිල තියුනු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය පැය 24 තුල බ්‍රෙන්ට් බොර තෙල් බැරලය ඩොලර් 8 ට වඩා වැඩි වි තිබේ.
සම්පූර්ණ යෙන්ම වසා දැමීමක් සිදුවුවහොත් ඉන්ධන හිඟයක් සහ ප්‍රබල ආර්ථික බලපෑම් ඇති කළ හැකිය.
අර්බුදය ගැඹුරු වුවහොත් උපායමාර්ගික සංචිත (එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය වැනි) භාවිතා කළ හැකිය.
අමෙරිකාව ගල්ෆ් කලාපයට අතිරේක නාවික හමුදා යෙදවීමෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර, ගෝලීය නැව්ගත කිරීම සඳහා සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගන්නාබව ට ඔවුන් පොරොන්දු වී ඇත. වාණිජ නැව් කිහිපයකට දැනටමත් බාදාඇතිකර හෝ නැවත හරවා යවා ඇති අතර, කලාපයේ යාත්‍රා සඳහා රක්ෂණ වු පිරිවැය ද ඉහලගොස් තිබේ.
සමුද්‍ර සන්ධිය අතවමත් විවෘතව පවතී, නමුත් නැව්ගත කිරීම දැඩි නිරීක්ෂණයකට ලක්ව ඇත. සැපයුම් බාධා පිළිබඳ බිය මධ්‍යයේ ගෝලීය තෙල් මිල තියුනු ලෙස ඉහළ යාමත් සමඟ බලශක්ති වෙළඳපොළවල් ක්ශනික වෙනස්කම් අතිවෙමින් තිබේ.
තත්වය පුළුල් කලාපීය අර්බුදයකට අර්බුඩයක් දක්වා වර්දනයවිමෙ පසුබිමක ඩෙපාර්ශ්වයෙන්ම ඉල්ලාසිටින්නෙ සන්සුන් වන ලෙසයි. . එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සාකච්ඡා සඳහා රැස්වීය් යුතු බවට චිනය අතුලු රටවල් ගනනාවක් ඉල්ලා ඇත.