ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වය නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පන තත්ත්වය නිසා පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රික්ටර් මාපක 6.0ක ප්‍රබලත්වයෙන්ව ඇති වූ භූ කම්පනයෙන් කාබුල් සිට පාකිස්තාන අගනුවර වන ඉස්ලාමාබාද් දක්වා ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත‍.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු භූ කම්පන තත්ත්වය සිදුව පසු කම්පන තත්ත්ව 03ක් සිදුව ඇති අතර ඒවා පිළිවලින් රික්ටර් මාපක 4.5 සහ 5.2 දක්වා පරාසය පවතින බවය.
භූ කම්පන තත්ත්වයෙන් දැඩි හානි සිදුව ඇත්තේ පාකිස්ථානය සමග දේශසීමා ආසන්නයේ ඇති කුනාර් පළාතේ නොර්ගල් දිස්ත්‍රික්කයේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් පවසා සිටින්නෙ.
මේ අතර ඇති වූ හදිසි තත්ත්වය හමුවේ කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීම් කටයුතු සඳහා සහාය වන ලෙස තලේබාන් රජයේ නිලධාරීන් විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇති බවද වාර්තා වේ


භූ කම්පන තත්ත්වයෙන් පසුව ඇති වූ ගංවතුර සහ පසු කම්පන තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් භූ කම්පන තත්ත්ව ඇති වූ ප්‍රදේශයන් වෙත ගමන් කිරීමේ මාර්ග අවහිර වී ඇති බවත් ගලවා ගැනීම් මෙහෙයුම් සිදුකළ හැක්කේ ගුවන් මගින් පමණක් බවද එම ප්‍රදේශයේ ආරක්ෂක නිලධාරීන් පවසයි.
මේ හේතුවෙන් එරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා ඇත්තේ සීමිත සම්පත් ඇති බැවින් බලපෑමට ලක්වූ ප්‍රදේශවලට ළඟ වීමට ගුවන් යානා ලබා ගැනීමට සහාය වන ලෙසයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *