යුක්රේන රුසියා සාම සාකච්ඡාවල ඉදිරි ගමන සඳහා ට්‍රම්ප් සහ පුටින් අවශ්‍ය බව රුබියෝ පවසනවා.එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මෙසේ පැවසුයේ තුර්කියේ ස්ථාන්බුල් සාම සාකච්ඡා සිදුවන අවස්ථාවේදීයි.
සෙලෙස්කිගේ පාර්ශවයෙන් තුර්කි සාකච්ඡා සඳහා සහභාගි වී සිටියේ යුක්‍රේන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක්. 2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ඇතිවූ ගැටුම්වලින් මිනිස් ජීවිත හා දේපළ හානි විශාල ලෙස සිදුවී තිබෙනවා.
ඉස්තාන්බුල් වෙත “සැබෑ තීරණ ගන්නන් කිසිවෙකු“ නොයැවීම සම්බන්ධයෙන් සෙලෙස්කි ගෙන් දැඩි විවේචනයක් රුසියාවට එල්ල වී තිබේ.
“මගේයි පුටීන්ගේයි මැදිහත්වීම නැතිව බෑ. අපි මේක නතර කරගන්න ඕනේ , හුඟක් අය මැරෙනවානේ” යනුවෙන් ට්‍රම්ප් මාධ්‍ය වේදියෙකුට පවසන දර්ශන පෙළක් බටහිර මාධ්‍යය ඔස්සේ විකාශනය වෙමින්පවතිනවා.
Source : BBC