ගෑස් මිල සංශෝධනය වේද?

මාසික මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

ඒ අනුව, මේ වන විට වෙළඳපොළ තුළ පවතින මිල ගණන් අනුව ගෑස් අලෙවිය සිදුවන බවයි එම සමාගම සඳහන් කළේ.

මේ වන විට පවතින මිලට අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,645 ක් වනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *