SSC කණ්ඩායම හා බ්ලූම් ෆීල්ඩ් කණ්ඩායම අතර තරඟය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන වයස අවුරුදු විසි තුනෙන් පහළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ SSC කණ්ඩායම හා බ්ලූම් ෆීල්ඩ් කණ්ඩායම අතර තරඟය අද පැවැත්වුණා. ඒ කොළඹ SSC ක්‍රීඩා පිටියේදී.

මුලින් පන්දුවට පහර දුන් SSC කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 223ක් රැස් කරගත්තා. දිනුර කලුපහන ලකුණු 85ක් රැස් කළ අතර පන්දු යැවූ දුලාජ් සමුදිත හා මිහිරංග නිම්සර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුණා.


පළමු ඉනිම ක්‍රීඩා කළ බ්ලුම් ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 419ක් ලබා සිටියදී තරඟය අත්හිටුවනු ලැබුවා. තරිඳු හර්ෂණ ලකුණු 114ක් ලබාගත් අතර අසිත වන්නිනායක ලකුණු 109ක් රැස් කළා. තරිඳු නිර්මාල් ලකුණු 68ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී සදීෂ රාජපක්ෂ හා ශිහාන් මල්‍ෂ කඩුලු දෙක බැගින් ලබා ගැනීමට සමත් වුණා.


දෙවැනි ඉනිම ක්‍රීඩා කළ SSC කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තා්‍ ෂෙහාන් හසරංග ලකුණු 69ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී තරිඳු නිර්මාල් ලකුණු 52ට කඩුලු 5ක් දවා ගත්තා.
තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *