ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට සිට ආරම්භ වේ.
තරඟ 3කින් සමන්විත තරඟාවලියෙහි පළමු තරඟය හෙට (ජූලි 02) ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
දෙවන තරඟයත් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී. තුන්වන තරඟය 08 වෙනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙහි නායකත්වය චරිත් අසලංක දරයි.
නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක,අවිශ්ක ප්‍රනාන්දු නිශාන් මදුෂ්ක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම,තරිඳු මෙන්ඩිස්,ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ,ජෙෆ්රි වැන්ඩසේ, මිලාන් රත්නායක, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු සහ ඒශාන් මාලිංග යන ක්‍රීඩකයින් කණ්ඩායමට ඇතුලත් කෙරේ.