කර්මාන්ත ක්ශේත්‍රයේ මතුව ඇති අභියෝග ජයගැනීමට රජයෙන් දිගු කාලීන සැලැස්මක්

කර්මාන්ත ක්ශේත්‍රයේ මතුව ඇති අභියෝග ජයගැනීම සදහා දිගු කාලීන සැලැස්මක් සකස් කිරීමට රජයේ අවදානය යොමු කෙරේ.

මේ පිළිබද සාකච්චාවක් ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්විය.  

මෙම සකච්චාව සදහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුලු අමාත්‍යංශ කිහිපයක නිලධාරීන් එක්ව සිටියා.

දේශීය නිෂ්පාදනය ශක්තිමත් කර අපනයනය ප්‍රමුඛ කරගත් නිශ්පාදන ආර්තිකයක් වෙත යොමු වීමේ රජයේ වැඩපිලිවෙල පිළිබද මෙහිදී දීර්ඝ ලෙස සාකච්චා කෙරුණි.

අපනයන ක්ශේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ගත යුතු පියවර පිලිබදවද මෙහිදී සකච්චා කෙරුනු අතර ඊට අදාල යෝජනා සහ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරින.

Comments (0)

Your email address will not be published. Required fields are marked *