ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 94ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා.
ඒ,හොංකොං කණ්ඩායම පරදවමින්.
තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 188ක් ලබාගත් අතර හොංකොං කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 94ක් පමණයි.


