ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නොගැලපෙන බැවින් සහ නිසි පිළිවෙලකට නොමැති වීම නිසා පිළිගත නොහැකි බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා එම තීරණයට අදාළව අදහසක් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඉල්ලා සිටියද කථානායකවරයා පවසා සිටියේ, මෙය විවාදයක් නොවන නිසා ඊට අවස්ථාව ලබදිය නොහැකි බවයි.