ඇඟලුම් කම්හලේ සේවය අහිමිවන සේවකයන්ට නීතියට අනුව ගෙවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානම් – NEXT පාලනාධිකාරිය

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කම්හලේ සේවය අහිමිවන සේවකයන්ට මීට පෙර ප්‍රකාශ කළ පරිදි කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බව එහි පාලනාධිකාරිය පවසා තිබෙනවා.

ඇඟලුම් කම්හල හදිසියේ වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කම්කරු අමාත්‍යංශයේ දී ඊයේ (27) පැවැත්වුණා. මේ සදහා ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව සිටියා.

පාලනාධිකාරිය  අවධාරණය කළේ මෙම කම්හල වසා දමීමට තීරණය වූයේ මෙහෙයුම් පිරිවැය අධික වීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් බවයි.

මෙම කාර්මික ආරවුල විසඳා ගැනීමේ ඉදිරි පියවර පිළිබඳව කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ප්‍රකාශ කළේ ලබන 30 වැනිදා සේව්‍ය සේවක දෙපාර්ශවයම කැඳවා කම්කරු ක්‍රියාපටිපාටියට අනුව කටයුතු කරන බවයි.

ඊට දෙපාර්ශවයම එකඟ වීමෙන් අනතුරුව අද පැවති සාකච්ඡාව අවසන් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *