හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ පියවර අනුමත වෙයි

බටහිරට හානි කිරීමට ඉරානයේ වඩාත්ම ඵලදායී තර්ජනය ලෙසින් ඉරාන පාර්ලිමේන්තුව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ පියවර අනුමත කර තිබෙනවා.


ගෝලීය තෙල් නැව්ගත කිරීම්වලින් හතරෙන් එකක් පමණ ඉරානය ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ බෙදා ගන්නා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරනවා.


ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත්පත පැවසුවේ සමුද්‍ර සන්ධිය වසා දැමීම සඳහා ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් පත් කරන ලද ආයතනයක් වන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ අනුමැතිය අවශ්‍ය වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *