වෙසක් දින පණිවිඩය

இலங்கை சனாதிபதி

President of Sri Lanka

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිවාණය යන

ත‍්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා

සුවිශේෂී දිනයකි. සියලූ බුද්ධ කාරක ර්ධමයන් සපුරා, මාර සේනාව පරාජය කොට මධ්‍යම

ප‍්‍රතිපදාවෙන් ඥානය දියුණු කර, චතුරාය සත්‍යය අවබෝධ කොට, සියලූ කෙලෙසුන් නසා

සම්‍යක් සම්බුද්ධත්වයට පත්වූයේ මෙවන් අසිරිමත් වෙසක් දිනයකදීය. උන්වහන්සේ සියලූ දුක්

ඉවසා, සසරින් සසරට ජීවිත ගණනාවකදී පෙරුම් පුරා පරාථර්චයාවෙන් අවබෝධ කරගත්

ධමය සියලූ ලෝකවාසීන්ගේආධ්‍යාත්මික හිත සුව පිණිසම හේතු සාධක විය.

බුදුන් වහන්සේගේ මුඛ්‍ය දේශනාව වූයේ ආගමික පසුබිමක හිඳ මිනිසාගේ ආධ්‍යාත්මික

සංර්වධනය ඇති කිරීමයි. එසේම පාලකයකු විසින් යහපත් පාලන තන්ත්‍රයක් ගොඩනගා ගත යුතු

ආකාරය පිළිබඳවද බෞද්ධ ර්දර්ශනයේ සඳහන් වෙයි. “සබ්බං රට්ඨං සුඛං සේති – රාජා වේ හොති

ධම්මිකෝ” යනුවෙන් බුදුන් වහන්සේ දේශනාකොට ඇත්තේ රටක පළමු පුරවැසියා වන

පාලකයා දැහැමි වුවහොත් සියලු ජනයා සුව සේ ජීවත් වනු ඇති බවයි.

බුදුරජාණන් වහන්සේගේ අථ ර්ධර්ම මාවත මනා කොට ආර්දශයට ගනිමින් පරාථකාමීත්වය

තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණුරටක් ගොඩනගමින්

” පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම

වෙනුවෙන් අප තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීයයෙන් යුතුව එක්ව පොර බදිමුයි මෙම

පින්බර වෙසක් මංගල්‍යයේදී මම සියලුදෙනාට ඇරයුම් කරමි.

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැගි පණිවිඩයක් ගෙන දෙන අතර එම

ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම

විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ

අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවද මෙහිලා සිහිපත් කරනු කැමැත්තෙමි.

ධමාවබෝධයෙන් සියලු සිත් සතන් ආලෝකවත් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *