බළංගොඩදි බස්‍ රථ 3 ක් එකිනෙක ගැටී අනතුරක්

බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරුවේ බස්‍ රථ 3 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

බළන්ගොඩ දෙසට පාසල් දරුවන්ද රැගෙන ගිය ලංගම බසයක් කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා තවත් ලංගම බස් රථයක් මෙහිදී එකට ගැටී තිබුණා,

සුළු තුවාල ලැබූ පිරිසක් රෝහල් ගත කර ඇති අතර බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *