රජය 2026 වසරේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට නියමිතයි. එහි දී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම විභාගයක් සමත්විය යුතු විෂයක් ලෙස පමණක් නොගෙන කථනය සහ ලිවීම තුළින් ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට සිසුන් දිරිමත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය කවුන්සිලය සංවිධානය කළ “ශ්‍රී ලංකා අධ්‍යාපන සම්මන්ත්‍රණය 2025” හි ප්‍රධාන දේශනය පවත්වමින් ඇය මේ බව ප්‍රකාශ කළේ.
ඊයේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ කොළඹ දී මෙම උත්සවය සංවිධානය කළහ. අනාගත අවශ්‍යතා සමග සමපාත වන සාධාරණ හා සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි අධ්‍යාපන පද්ධතියක් ගොඩ නැගීම සදහා පුළුල් සහයෝගීතාවක් අවශ්‍යයයි. මේ සඳහා ජාතික හා පළාත් ,රාජ්‍ය නිලධාරීන් ,අධ්‍යාපන අමාත්‍යාංශ නියෝජිතයින් , සංවර්ධන හවුල්කරුවන්ගේ සහය අවශ්‍ය වෙනවා. එපමණක් නොව පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් , ගුරුවරුන්, පාසල් නායකයින් ඇතුළු සියලු දෙනාගේ සහාය ඊට අවශ්‍යයයි.
ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අවස්ථාවන් පුළුල් කිරීමට මිස සමාජ පරතරය නිර්මාණය කිරීමේ මෙවලමක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඉංග්‍රීසි භාෂාව ප්‍රයෝගිකව පුහුණු කිරීමට සූදානම් බවද ඇය වැඩිදුරටත් පැවසුවා.
සිසුන් සඳහා අවස්ථා නිර්මාණය, ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම මගින් ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම ශක්තිමත් කිරීම සහ නවෝත්පාදන හා ඉගෙනීම සඳහා ඩිජිටල් මෙවලම් දියුණු කිරීම වැඩසටහන්වලට අයත් වෙනවා.
සෑම ශිෂ්‍යයෙකුම වෙනස්වන අනාගතයට සූදානම් කරන්නේ කෙසේද අවධානය යොමු කළ යුතුයි.
භාෂාවට වහල් වීමේ ආකල්පයෙන් මිදී ඉංග්‍රීසි බස සමාජයේ ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු බව දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය තුමිය මෙහි දී කියා සිටියාය.
ඩිජිටල් තාක්ෂණ ඉගැන්වීම සහ ඉගෙනුම් ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වෙනස් කරන බවද අගමැතිතුමිය මෙහි දී පැවසුවා. සිසුන් අතර පවතින පරතරය පාසල් පද්ධතියේ දක්නට ලැබෙන අතර මෙම පරතරය පියවීම රජයේ වගකීමකි.
එය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස අවධානයට ලක්ව තිබෙනවා. ඩිජිටල් ලෝකයේ ඇති අන්තරාය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ගුණාත්මක අධ්‍යාපනයක් පාසල් සිසුන්ට ලබා දීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය තුමිය පැවසුවා.