සි‍රියාවේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 22 මිය ගිහින්

සිරියාවේ දමස්කස් හි පල්ලියක ඊයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර ඩ්වෙයිලා අසල්වැසි ග්‍රීක ඕතඩොක්ස් පල්ලියේදී පුද්ගලයෙකු වෙඩි තබා පුපුරණ ද්‍රව්‍ය කබායක් පුපුරුවා ගෙන තිබේ.


ප්‍රහාරකයා ජිහාඩ්වාදී කණ්ඩායමක් වන ඉස්ලාමීය රාජ්‍යය (IS) සමඟ සම්බන්ධ වී ඇති බව එහි සඳහන් විය. නමුත් එහි වගකීම තවමත් භාරගෙන නැත.

Comments (0)

Your email address will not be published. Required fields are marked *