මිද්දෙණිය ප්‍රදේශයෙන් හමුවූ රසායනික ද්‍රව්‍ය සාම්පල 17කම අයිස් මත්ද්‍රව්‍ය සැකසීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් පොලිසියට ලබාදී තිබුණා.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට භාවිත කරන බව රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ පසුගිය සැප්තැම්බර් 06 වනදා සොයාගත්තේ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන් නැමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.