ලොස් ඇන්ජලිස් හි සංක්‍රමණික විරෝධතා මැඩ පැවැත්වීම සඳහා මැරීන් බටයින් හත්සීයක් සහ අතිරේක ජාතික ආරක්ෂක සමාජිකයින් දෙදාහක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබේ.
තම අනුමැතියකින් තොරව ජාතික ආරක්ෂක බටයින් යෙදවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරන බව කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් පවසා ඇත.
මෙලෙස ලොස් ඇන්ජලිස් හි සිකුරාදා (11) රාත්‍රියේ විරෝධතා ආරම්භ වූයේ ICE නිලධාරීන් ආගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 44 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
එක්සත් ජනපදයේ රැඳී සිටීමට අවශ්‍ය ලියකියවිලි නොමැති සංක්‍රමණිකයින් 118 දෙනෙකු ICE නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (DHS) පසුව පැවසීය.
මෙම මෙහෙයුම් වලට ප්‍රතිචාරයක් ලෙස විරෝධතා ආරම්භ වී ඇත.
විරෝධතා ඇති වූ එක්සත් ජනපද නගර කිහිපයක සමස්තයක් වශයෙන් විරෝධතාකරුවන් 150 කට වැඩි පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.
-source Aljazeera-
ලොස් ඇන්ජලීස් හි සංක්‍රමණික විරෝධතා මැඩ පැවැත්වීමට මැරීන් බටයින් යොදවයි
