තම ආයතනයේ ලියාපදිංචි සම්බාහන ආයතන කිහිපයකට අනීතිකව නඩු පැවරීම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාශයේ රාජකාරි කරන පොලිස් නිලධාරිනියකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ලංකා සම්බාහන ආයතනයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා පවසනවා.
මේ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටද පැමිණිලි කර ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
සම්බාහන ආයතනවලට ඇතුල් වී එහි සේවය කරන තෙරපිවරියන් අනීතිකව අත්අඩංගුවට ගනිමින් මෙම නිලධාරිනිය කටයුතු කර ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ
(WAKE UP TO 7 – මව්බිම )