ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හය දෙනෙකු ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, තවමත් නිලවරණය සඳහා දින නියමවී නොතිබියදීයි.
මෙලෙස ප්‍රකාශ කර තිබෙන්නේ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , මහනුවර කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවන , මහනුවර නාථ දේවාලයේ බස්නායක නිලමේ බණ්ඩාරනායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තිලක් සුභසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ගාමිණී කළුහෙන්දිවල සහ ගෝනුත්තර විහාරයේ භාරකාරත්වය දරන රොෂාන් පස්සර මුදලිගේ යන අයයි.
(WAKE UP TO 7 – මව්බිම )