කල් දැමූ PSL තරගාවලිය සෙනසුරාදා නැවත ආරම්භ වේ 

ඉන්දු පකිස්ථාන ගැටුම් හේතුවෙන් කල් දැමූ පකිස්ථාන සුපර්ලීහ් තරගාවලිය මැයි දාහත් වන සෙනසුරාදා නැවත ආරම්භ වීමට නියමිතය. PSL තරගාවලියේ තවත් තරග අටක් ඉතිරිව ඇති අතර අවසන් තරඟය මැයි 25 වන දින පැවැත්වේ.

පැවැත්වීමට නියමිත ඉතිරි සියලුම තරඟ රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වීමට තරග සංවිධායකින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්හිටුවීම තහවුරු වූ වීමත් සමග තරගාවලියේ සිටි විදේශීය ක්‍රීඩකයින් සියල්ලෝම පාකිස්තානයෙන් පිටව ගොස් තිබූ අතර, ඔවුන් නැවත පාකිස්තානයට පැමිණීම අවිනිශ්චිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *