බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවේ. මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැහගනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තවකාලිකා තද සුළ වලින් සහ අකුණු මඟින් සිදු වන් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකාව ඉල්ලා සිටිනු ලැබේ.
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය.
වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ.
සුළඟ:
සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) පමණ දක්වා ඉහළ යා හැකිය.
මුහුදේ ස්වභාවය:
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තවකාලිකව තද සුළ ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තවකාලිකාව ඉතා රළු විය හැකිය.