ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාවේ යුධ විරෝධී විරෝධතා ආරම්භ වී තිබෙනවා.
නිව්යෝර්ක් ටයිම්ස් චතුරශ්‍රයේ සහ එක්සත් ජනපදය පුරා විවිධ ස්ථානවල සාමකාමීව විරෝධතාවකරුවන් රැස් වීමට පටන් ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විරෝධතාකරුවන් පවසන්නේ ඇමරිකානු ගුවන් ප්‍රහාර ජාත්‍යන්තර නීතිය සහ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙසයි.