ප්‍රවීණ ඉන්දීය විකට නලුවකු වු මාධන් බොබ්, ක්‍රිෂ්ණමූර්ති චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ ඉන්දීය විකට නලුවකු වු මාධන් බොබ්, ක්‍රිෂ්ණමූර්ති චෙන්නායිහිදී අභාවප්‍රාප්ත වු බව ඉන්දීය මාධ්‍ය වර්තා කලා. දෙමළ සිනමාවේ අතිශය ජනාදරයට පත්ව සිටි මාදන්ගෙ අභාවයෙන් දෙමල සිනමා රශිකයන් දඩි කම්පාවට පත්ව සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරනවා. වසර කිහිපයක් පිළිකා රොගයෙන් පීඩාවිදි 71 හැවිරිදි මාදන් සිය අඩයාර් හි නිවසේදී ජිවන රගමඩලෙන් සමුගත්තා.
මාධන් බොබ් දෙමළ සිනමාවේ ආදරණීය චරිතයක් වූ අතර, ඔහුගේ දක්ශ විකට රංගනයන් බොහෝ ප්‍රකට චිත්‍රපට හරහා ප්‍රදර්ශනය කරනු ලැබුවා..
රජිනිකාන්ත්, කමල් හසන්, අජිත් කුමාර්, සූරිය සහ විජේ වැනි ප්‍රසිද්ධ නළුවන් සමඟ පෙනී සිටි ඔහු රන්ගන දෑයකත්වය දුන් ප්‍රකට කෘති අතරට ‘වානමේ එල්ලයි’, ‘තේවර් මගන්’ සහ ‘පූවේ උනක්කාගා’ ඇතුළත් වේනවා .
රිදී තිරයෙ පමනක් නොව රූපවාහිනිය තිරයෙද දායකත්වය දැක්වු ඔහු ‘අසතපොවඩු යාරු’ විකට වැඩසටහනේ විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කරමින් ජනාදරය දිනා ගත්තා . අවංක විනිශ්චයන් සහ හෘදයාංගම සිනහව ඔහුගේ ප්‍රියතාවයට සහ වැඩසටහනේ සාර්ථකත්වයට හෙතුවක් බවයි විචාරකයන් පවසන්නෙ .
මාධන් බොබ් නළුවෙකු පමණක් නොව කී බෝඩ් වාදකයෙකු ලෙස ද ප්‍රකටය .
දෙමළ චිත්‍රපටවලට අමතරව, ඔහු මලයාලම් චිත්‍රපට දෙකක සහ හින්දි චිත්‍රපටයක ද පෙනී සිටි අතර, කමල් හසන්ගේ ‘සති ලීලාවතී’ සහ ‘තෙනලි’ වැනි චිත්‍රපටවල , ඔහුගේ රංගනයන් සිනමා රශිකයන් අතර අමතක නොවන මතකයන් බවට පත්ව තිබෙනවා 

Comments (0)

Your email address will not be published. Required fields are marked *