ඇමරිකාවේ සමාගම් 17 ක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කිරීමේ පියවර චීන වාණිජ අමාත්‍යාංශය අත්හිටුවයි

ඇමරිකාවේ සමාගම් 17 ක් විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තුවට ඇතුළත් කිරීමේ පියවර චීන වාණිජ අමාත්‍යාංශය අත්හිටුවයි.පසුගිය අප්‍රේල් 4 සහ 9 වැනිදා නිකුත් කළ ඇමරිකාවේ සමාගම් 17 කට අදාළ විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තු පිළිබඳ නිවේදනයේ අදාළ පියවර මැයි 14 වන දින සිට අත්හිටුවීමට චීන වාණිජ අමාත්‍යංශය තීරණය කරයි. චීන-ඇමරිකා ඉහළ මට්ටමේ ආර්ථික හා වෙළඳ සාකච්ඡාවලදී ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම පියවර ගත් බව වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් 14 වැනිදා පැවසීය.

” චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ විරෝධී සම්බාධක නීතිය”, “විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තු රෙගුලාසි” සහ අදාළ රෙගුලාසිවලට අනුව, අප්‍රේල් 4 සහ 9 වැනිදා, විශ්වාස කළ නොහැකි ආයතන ලැයිස්තු ක්‍රියාකාරී යාන්ත්‍රණය මගින් ඇමරිකාවේ සමාගම් 17 ක් එම ලැයිස්තුවට එක් කෙරිණ. එම සමාගම් 17ට චීනය අදාළ ආනයන හා අපනයන කටයුතු මෙන්ම චීනයේ නව ආයෝජන සිදු කිරීම තහනම් කර ඇත.

-CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *