ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ මත අයකෙරෙන තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවට ඊයේ නැවතත් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකලා. ඉන්දියාව රුසියාවේ තෙල් මිලදී ගෙන යළි විකිණීම සිදුකිරීම මිට හේතු ව ලෙසයි ඔහු සදහන් කරන්නෙ .
එළඹෙන 7 වනදා සිට ඇමරිකාවට ආනයනය කරන ඉන්දියානු භාණ්ඩ මත සියයට 25ක තීරුබදු අයකරන බව පසුගිය ජුලි 31 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝයෙ සදහන්. එමෙන්ම රුසියාවේ තෙල් මිලදී ගැනීම් සමබන්ධයෙන් ඉන්දියාවෙන් දඩයක් අය කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබේනවා . පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 10 ක මූලික තීරුබදුවලට අමතරව ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 26 ක අන්‍යෝන්‍ය තීරුබදු අය කෙරන බවට ප්‍රකාශයට පත් කළ ද එය තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
ට්‍රම්ප්ගේ නව තර්ජනාත්මක ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙලෙස ඉන්දියාව ඉලක්ක කිරීම අයුතු හා අසාධාරණ බවයි. ඉන්දියාවේ තෙල් ආනයනයකිරිමෙ පිලිවෙත වන්නෙ සිය පාරිභෝගිකයින් සඳහා සාධාරණ මෙන්ම දැරිය හැකි මිලකට බලශක්ති ලබා ගැනීම සහතික කිරිම බවයි. වෙනත් ප්‍රබල ආර්ථිකයන් ඇති රටවල් මෙන් ඉන්දියාව ද සිය ආර්ථික පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය සියලු ප්‍රති-පියවර ගනු ඇති බව ද ඉන්දියාව සඳහන් කර තිබේනවා. ඉන්දියාවට ඉහළ තීරුබදු පනවන බවට ඇමරිකාවෙ තර්ජනවලට මුහුන දිමට , ඉන්දියාවත් අවශ්‍ය ප්‍රති-පියවර ගැනීමට සූදානමින් සිටින බවයි ප්‍රකාශ කර ඇත්තෙ. ඇමරිකාවේ මෑතකාලීන ඒකපාර්ශ්වික තීරුබදු පිලිබදව ඉන්දියාව මෙන්ම බොහෝ රටවල් දැඩි විරෝධය පළ කර තිබෙනවා
ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට තර්ජන
