සේවා ස්ථානය කාන්තාවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම අතිශයෙන් වැදගත් බව අග්‍රමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පැවසුවාය. රැකියාවල නියුතු කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුවිය යුතු බවද අද මහනුවර කරලිය ශාලාවේ පැවති සමස්ථ ලංකා හෙද සංවිධානය විසින් සංවිධානය කල ජාත්‍යන්තර හෙද දිනයට සහභාගී වූ අග්‍රමාත්‍ය තුමිය මේ බව සඳහන් කළාය. හෙද වෘත්තිය හදුන්වා දුන් ෆ්ලෝරන්ස් නයිටිංගේල් ගේ 250 වැනි උපන්දිනය හා ලෝකය පුරා හෙද හෙදියන් මුහුණදෙන ගැටළු සාකච්චා කරන මණ්ඩපයක් නිර්මාණය කර ගැනීමත් හෙද හෙදියන් සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. “අපේ හෙදිය අපේ අනාගතයයි. හෙදියන් රැකබලා ගැනීම ආර්ථිකය ශක්තිමත් කරයි.” යන තේමාව යටතේ මෙවර හෙද දිනය සමරනු ලැබීය.
ප්‍රාථමික බාහිර රෝගී ප්‍රතිකාර ඒකක දහසක් ඉදිරියේදී ඇතිකරන බව උත්සවයකට එක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය. රෝහල් පද්ධතියේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් ප්‍රමාණය දල වශයෙන් වර්ෂයකට මිලියන 120ක් පමණ වේ. එය රෝහල් පද්ධතියට දරාගත නොහැකිය. තෘතීක හා ද්වීතීක රෝහල් මට්ටමෙන් ඔබ්බට ගොස් ප්‍රාථමික බාහිර රෝගී අංශ දහසක් නිර්මාණ කරන බවයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වියපත් ජනගහණය 25% දක්වා වර්ධනය වන බවත් එම පිරිස එම ස්ථානයන් හිදීම රැකබලා ගැනීම හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ වසරේ හෙද පත්වී 3147 ලබාදීමට කටයුතු කර බවත් සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සහ මෙතෙක් ඉතිරිව ඇති හෙද නිළධාරීන් 305ක් බදවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
40,000ක් පමණ වන හෙද හෙදියන්ගේ ප්‍රමාණය 60,000 දක්වා වැඩි කිරීමට කටයුතු කෙරේ. හෙද පුහුණුව සඳහා බඳවා ගැනීම් මාස 03 ක් ඇතුළත සිඳු කිරීමට සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.