දරුවන්ටත් අධි රුධිර පීඩනය. සීනි සහ ලුණු භාවිතය ප්‍රධාන හේතුවක් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

පසුගිය අවුරුදු කිහිපය තුල සිදු කල නිරීක්ෂණ වලින් දරුවන් අතරත් අධි රුධිර පීඩනය වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. කුඩා දරුවන්ගේ ආහාර රටාව මෙයට ප්‍රධාන හේතුවක් බවයි ඔහු සදහන් කලේ.

කුඩා දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබා නොදෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කල ද දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කම නිසා දරුවන්ට ලුණු සහ සීනි සහිත ආහාර ලබාදීමට යාමෙන් දරුවන් මෙම තත්වයට ගොදුරු වී ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අප සමග පැවසුවේ.

මෙසේ ළදරු අවධියේ සිටම නොසැලකිලිමත් ආහාර ‍රටාවකට යොමු වීමෙන් දිගින් දිගටම දරුවන් සීනි සහ ලුණු සහිත ආහාර වලට ඇබ්බැහිවීමට යාම නිසා අධිබර තත්වය ඇතිවී අධි රුධිර පීඩනය දරුවන් අතර වර්ධනය වී ඇත. නිරෝගිමත් ආහාර පුරුදු සහ ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු කිරීමෙන් මෙම තත්වය තව දුරටත් වර්ධනය වීම වලක්වා ගත හැකි බව ඔහු වැඩිදුරත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *