මහනුවර ඇසළ මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.
ඊයේ රාත්‍රියේ ඇසළ මංගල්‍යෙය් පස්වන හෙවත් අවසන් කුඹල් පෙරහැර ඊයේ වීදි සංචාරය කළා. ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කල අවසන් කුඹල් පෙරහැර පස්වරු 06.43ට යෙදෙන සුබ මොහොතින් පිටත් ව පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ ගමන් කොට රජවීදියෙන් යළි ගෙවැදීම සිදු වුණා.
කුඹල් පෙරහැරේ සධාතුක පෙරහැර කරඩුව වැඩම කරවීම කතරගම වාසනා හස්තියා වන අතර සිංහ රාජා සහ පූලතිසි රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කළා. විචිත්‍රවත් නර්තන, අලි ඇතුන් පිරිවරා මහනුවර ඇසළ මංග්ල්ලයේ අවසන් කුඹල් පෙරහර ඊයෙන් අවසන් වුණා.
අද සිට පුරා දවස් 5 ක් මහනුවර ඇසළ මංගල්‍යයේ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අතර එළබෙන 8 වැනිදා පොහොය දිනයේදී අවසන් මහා පෙරහැර පැවැත්වීමට නියමිතයි.
අතිවිශාල ජනතාවක් අවසන් කුඹල් පෙරහැර නැරඹීමට පැමිණ සිටියා.
මේ අතර ඇසළ පෙරහැරට සමගාමීව වාර්ශිකව සිදුකරන ආදිවාසීන්ගේ මී පැණි පූජාවද පැවැත්වුණා
මහනුවර ඇසළ මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ
