ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාර වලින් පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 90 කට වඩා වැඩි වී තිබෙනවා.
අද උදෑසන සිදුවූ ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගිය බවයි ගාසා හි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
ගාසා හි පවතින විනාශකාරී යුද්ධය දැන් එහි 20 වන මාසයට එලබෙමින් තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරවලින් කාන්තාවන්, ළමුන් සහ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 92 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
බදාදා මධ්‍යම ගාසා තීරයේ ප්‍රදේශයක් ඉලක්ක කරගත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර දෙකකින් අවම වශයෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගොස් 86 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
කෙසේ වෙතත් සැබෑ මරණ සංඛ්‍යාව බොහෝ විට වැඩි විය හැකි බව ගාසා සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.
Source – aljazeera